Tuesday, May 10, 2011

‘මට ස්‌ථිර පක්‍ෂයක්‌ නැහැ’ – රන්ජන් රාමනායක


‘මට ලැබුණු සියලු දේ ලැබුණේ කලාවේ නාමයෙන්. ඒ නිසා මා මුල්තැන ලබාදෙන්නේ කලාවට. මට ස්‌ථිර පක්‍ෂයක්‌ නැහැ. මගේ පක්‍ෂය ජනතාව සමග සිටීමයි. කලාකරුවාට කිසිවකු වෙනුවෙන් බෙදෙන්නත් බැහැ. බෙදිය යුත්තේත් නැහැ යැයි එක්‌සත් ජාතික පක්‍ෂපාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකය මහතා පවසයි. තම හඬ අවදි කළ යුතු තැනදී එයට පසුබට නොවන බවත්, ජනතා නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක විය යුතු සෑම තැනකදීම නිර්භයව ක්‍රියාකරන බවත්, මැදපෙරදිග දුක්‌ කම්කටලුවලට ලක්‌ව සිටින ශ‍්‍රී ලාංකේය සහෝදර ජනතාව වෙනුවෙන් සෑම විටම සාධාරණය ඉටුකර දීමට තමා සෑම විටම මූලිකත්වය ගත් බවත්, හෙතෙම සදහන් කර සිටී. ඔහු මෙම කාරණා සදහන් කර ඇත්තේ ‘දිවයින’ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

සද්ධවිද්ධ රාජපක්‍ෂ පලඟපතිර අඹකුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්‌ටර් අල්පොන්සෝ වූ ඔබ රන්ජන් රාමනායක වූයේ කෙසේදැයි එහිදී කළ විමසීමේදී රන්ජන් රාමනායකය මහතා මෙසේ අදහස් දක්වා ති‍බේ.

‘ඇත්තටම මේ සෑම දෙයක්‌ම මා කරා පැමිණියේ කලාව නිසා, කලාව දේවත්වයෙහිලා ගෞරව කරන්නේ එම නිසයි. පුංචි කාලයේ මම රඟපෑම කුමක්‌ද යන වග දැකබලා ගත්තේ සහ එයට එක්‌වීමට අදිටන් කරගත්තේ නැසීගිය ජනප්‍රිය සහ ප්‍රවීණ රංගධරයකු වූ විජය කුමාරතුංග මහතාගේ විශිෂ්ට රංගනයන් දුටු නිසයි. එතුමාගෙන් මගේ දිවියට උකහාගත් දේ බොහෝයි. වාසනාවට කුමාරතුංගයන් මගේ මාමා වුණා. 1986 දී සෝමරත්න රාමනායක මහතා අධ්‍යක්‍ෂණය කළ ‘ජය කොතනද’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මා ජීවය එක්‌ කළේ ඉතාමත් සතුටින්. ඔහුට කෘතවේදිත්වය පළ කිරීම උදෙසා ඔහුගේ නාමයේ අග කොටස වූ රාමනායක මගේ නමට එක්‌කර ගනිමින් රන්ජන් රාමනායක ලෙසින් භාවිත කිරීමට පටන් ගත්තා’.

No comments:

Post a Comment