Friday, May 6, 2011

රන්බීර්ගේ ලොවට පෑයූ අලුත් තරුව



සංජය ලීලා බන්සාලිගේ සාවරියා චිත්‍රපටය තුළින් සිය රංගන ජීවිතය ඇරඹි රන්බීර් කපූර් මේ වනවිට ලොව පුරා අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් බොලිවුඩ් තරුවක් බවට පත්ව සිටියි. නමුත් ඒ සමගම ඔහුගේ නම හා බැඳුණු විවිධ කටකතා ද නිර්මාණය නොවූවාම නොවේ. විශේෂයෙන් ප්‍රේමය විෂයෙහි ඔහු පුවත් මවන්නෙකු බවට පත්විය. රන්බීර් හා දීපිකා කලක් බොලිවුඩයේ මහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් පෙම් යුවලක් වූ අතර එය හදිසියේම බිඳවැටුණේ කාන්තාව විෂයෙහි රන්බීර් පිළිබඳ මතුවූ විවිධ ආරංචි නිසාය. පසුව රන්බීර් තවත් රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු සමගම පෙම් සබඳතා ගොඩනගාගත් බව ද වාර්තා විය. රන්බීර්ගේ අවසන් පෙම්වතිය කට්රිනා කයිෆ් වූ අතර රන්බීර්ගේ නවතම චිත්‍රපටය වන “රොක්ස්ටාර්” හි ඔහු සමග රංගනයෙන් දායක වන බොලිවුඩයට අලුත් මුහුණක් වූ නාර්ගිස් ෆඛ්රි සම්බන්ධව ද රන්බීර්ගේ නම ඈදමින් විවිධ පුවත් නිර්මාණය විය.



රන්බීර්ගේ ජීවිතයෙහි මෙවන් අවුල් සහගත තත්ත්වයන් නිසාම පසුගිය දිනක තම නම විවිධ තරුණියන් සමග සම්බන්ධ කරගනිමින් පුවත් ගොඩනැගීමෙන් වළකින ලෙස මාධ්‍ය වෙතින් ඉල්ලීමක් ද කර තිබිණි. නමුත් තවමත් 28 හැවිරිදි වියෙහි පසුවන මෙම කඩවසම් නළුවා නිතරම රූමත් තරුණයන් සමග පුවත් නිර්මාණය වන අන්දමින් හැසිරීමේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අපහසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙවර නැවතත් රන්බීර් හා තවත් තරුණියක් සම්බන්ධව කටකතා මතුවෙමින් පවතී. රන්බීර්ගේ ලොවට ආ මෙම නව සුරූපිණිය නමින් ඇන්ජිලා ජොන්සන් නම් වන මෝස්තර නිරූපණ ශිල්පිණියකි.



2011 වසරේ කින්ග්ෆිෂර් ගුවන් සමාගමේ දින දර්ශනයේ නිරූපිකාව ලෙස ජනප්‍රියත්වයක් හිමිකරගත් නිරූපිකාවකි. ගතවූ පසුගිය දින කිහිපය තුළ රන්බීර් හා ඇන්ජිලා විවිධ ස්ථාන වල එක්ව හිඳිනු දැකගැනීමට ලැබී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම ජනප්‍රිය නළුවා සහ සුරූපී නිරූපිකාව බොහෝ අවස්ථා වලදී එකිනෙකා ඇසුරෙහි හිඳිමින් දෙදෙනා අතර වන සමීප සබඳතාවය තවදුරටත් තහවුරු කරමින් සිටින බව ද සඳහන්ය. එමෙන්ම රාත්‍රී කාල වලදී පවා රන්බීර්, ඇන්ජිලා සමග විවිධ අවන්හල් සමග කාලය ගතකරන අවස්ථා දක්නට ලැ‍බුණු බව දෙදෙනාගේ සමීපතමයින් සඳහන් කර තිබේ. එපමණක් නොව ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ උත්සව අවස්ථා සඳහා නිතරම පාහේ එක්ව සහභාගි වනු දැකීම තවත් විශේෂත්වයකි‍.

No comments:

Post a Comment