Tuesday, May 10, 2011

බියන්කාගේ පෙම්වතා කි‍්‍රකට් තරුවක්


මොස්තර නිරූපන ක්ෂේත‍්‍රයේ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන බියන්කා පහත්කුඹුරගේ අලූත් පෙම්වතා කි‍්‍රකට් තරුවක් බව වාර්තා වේ.

මෙම කි‍්‍රකට් තරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට නැතිවම බැරි කී‍්‍රඩකයෙකු බවත්, ඔහු මේ දිනවල ආබාධයකට ලක්වී සිටින අයෙක් බවත් පැවසේ.

අදාළ කී‍්‍රඩකයා මෝස්තර නිරූපිකාවන්ගේ ආදරය දිනාගැනීමට කැමැත්තක් දක්වන අයෙක් බවත් ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වයස අවුරුදු 29ක් වන බියන්කා, මෝස්තර නිරූපණ ක්‍ෂෙත‍්‍රය තුළ ඉහළ ජනපි‍්‍රයත්වයක් ඇති මෝස්තර නිරූපිකාවකි.

නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය, නිරූපණ ක්‍ෂෙත‍්‍රය තුළ වඩාත් ජනපි‍්‍රයවී ඇත්තේ ‘කැට් වෝක්’ ගමන් විලාසය හේතුවෙනි.

බියංකා ඉන්දීය හා පාකිස්තානු නිරූපනවේදීන් සමඟ ද නිරූපන සංදර්ශන සඳහා එක්වී ඇති අතර, ඇය කලක් ශී‍්‍ර ලංකා ගුවන් සේවයේ ගමනාන්තර මෝස්තර නිරූපිකාවක් ලෙස සේවය කර තිබේ.

ඇය 1999 වසරේ ‘මිස් වීනස්’ තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූවාය.

No comments:

Post a Comment