Thursday, May 5, 2011

රංජන්ගෙන් උදාරිට පොල්ලක්


'ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදී එහි ප‍්‍රධාන චරිත රඟපාන ජනපි‍්‍රය නළු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක රූගත කිරීම් මඟහැරීම හේතුවෙන් එහි ප‍්‍රධාන නිළිය හා අධ්‍යකෂවරයා අපහසුතාවයකට ලක්වී ඇතැයි වාර්තා වේ.

ඉකුත් 30 වැනිදා නුවරඑළියේදී සිදු කිරීමට නියමිතව තිබූ රූගත කිරීම් රංජන් මෙසේ මගහැර ඇති බවත්, අදාළ තත්ත්වය හේතුවෙන් එහි ප‍්‍රධාන චරිතයට පණපොවන උදාරි වර්ණකුළසූරිය දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි පැවසේ.

ඇය මෙහි රූගත කිරීම් අවසන් කිරීමෙන් පසුව තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා සම්බන්ධ වීමට සැලැසුම් කර තිබූ බවත් වාර්තා වේ.

කෙසේවුවද රංජන්, අදාළ රූගතකිරීම්වලින් පිටතට ගොස් ඇත්තේ කොළඹ ගොස් පසුදින රූගත කිරීම්වලට සම්බන්ධ වන බව අධ්‍යක්‍ෂවරයාට පවසා බවත්, ඔහු නැවත ඔවුන් නැවතී සිටි නුවරඑළිය ග‍්‍රෑන්ඞ් හෝටලයට පැමිණ ඇත්තේ දින දෙකකට පසුව බවත් පැවසේ.

ප‍්‍රවීන චිත‍්‍රපට නිෂ්පාදකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු මහතා මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකයා මෙන්ම අධ්‍යක්‍ෂවරයා ද වේ.

ඇලරික් මහතා අනූපමා, ආදර රත්නය, ක‍්‍රිස්තු චරිතය, රන් දම්වැල්, දළු ලන ගිනි, මැවිලා පෙනේ රූපේ, සෙනහස පෑවා ඇතුළු සිනමා පට රැසකටම අදායකවූ අයෙකි.

එසේම සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්‍ෂණ කළ ක‍්‍රිස්තු චරිතය චිත‍්‍රපටයේ නිෂ්පාදකයා වූයේද ඇලරික් මහතා වන අතර, ඔහු එකළ එම චිත‍්‍රපටයට ලක්‍ෂ 100 ක් වැය කළ බවද පැවසේ.

කෙසේවවුද කි‍්‍රස්තු චරිතය වෙනුවෙන් ඔහුට හිමිවූ බැංකු ණය රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් බවත් වාර්තා වේ.

‘ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ සෙසු චරිත සඳහා රවීන්ද්‍ර රන්දෙණිය, ක්ලීටස් මෙන්ඩිස්, වාසනා දන්තනාරායන ඇතුළු නළු නිළියන් දායකවී සිටිති.

මෙහි සංගීත අධ්‍යක්‍ෂණ හේමපාල රත්නායක මෙහෙයවන අතර, කැමරාකරණය කේ.ඞී. දයානන්ද විසින් සිදුකරනු ලබයි.

බණ්ඩාරවෙල, නුවරඑළිය, කොළඹ ආදී ප‍්‍රදේශවලදී ‘ආදර පූජාසනේ’ රූගත කිරීම් සිදු කිරීමට නියමිතය.




















No comments:

Post a Comment