Thursday, May 5, 2011

බැන් කි මූන්ට කථා කලැයි ජීඑල් කළ ප‍්‍රකාශය සාවද්‍යයි – එජා ප‍්‍රකාශක


තමා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් සමඟ දුරකථනය ඔස්සේ කථා කළ බවට ශී‍්‍ර ලංකා විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් කර ඇති ප‍්‍රකාශයක් ජගත් සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.

එමෙන්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියා ඇත්තේ, එජා විද්වත් කමිටු වාර්තාවට රජයේ නිල ප‍්‍රතිචාරයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් ‘ඉනර් සිටි ප්‍රෙස්’ එජා ප‍්‍රධානියාගේ ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කිගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, දෙදෙනා අතර අවසන් දුරකථන සාකච්ඡාව සිදුවූයේ අපේ‍්‍රල් 23 වැනිදා බවයි.

ඒ, විද්වත් කමිටු වාර්තාව එජා සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කිරීමටත් පෙරයි.

රජය විසින් නිල ප‍්‍රතිචාරයක් ඉදිරිපත් කරන බවට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව කියා සිටි නෙසර්කි මහතා අවධාරණය කොට ඇත්තේ, එවැනි ප‍්‍රතිචාරයක් ලැබුණුහොත් එය ද ප‍්‍රකාශයට පත් කිරීමට තම සංවිධානය සූදානමින් සිටින බවයි.

No comments:

Post a Comment