Thursday, May 5, 2011

නිරායුධව සිටි බින් ලාඩන්ට වෙඩි තැබූ බව දියණියක කියයි


නිරායුධව සිටි තම පියා ඇමෙරිකානු හමුදා විසින් ග‍්‍රහණයට ගෙන වෙඩි තබා ඝාතනය කරනු දුටු බව අල් කයිඩා සංවිධානයේ නායකයාව සිටි ඔසාමා බින් ලාඩන්ගේ දියණියක පවසා ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

දොළොස් හැවිරිදි එම දියණිය මේ වන විට ලාඩන්ගේ යේමන භාර්යාවක සමඟ අත්අඩංගුවේ පසුවන බව පකිස්තානු ඔත්තු සේවා නිලධාරියෙකු පවසා ඇත.

පකිස්තානයේ ඉස්ලමාබාද් නුවරට පිටතින් පිහිටි මන්දිරයකදී බින් ලාඩන් මරා දමනු ලැබූ අතර, එහි සිටි කාන්තාවන් සහ ළමුන් 12 දෙනෙකු මේ වන විට ප‍්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටී.

ඇමෙරිකානු නාවික හමුදා විසින් විනාඩි 40ක කාලයකදී සිදු කරනු ලැබූ මෙහෙයුමෙන් පසුව එම මන්දිරයේ තිබී මළසිරුරු හතරක් ඉවත් කරගෙන තිබේ.

ඉන් එකක් බින් ලාඩන්ගේ පුත‍්‍රයෙකුගේ බව වාර්තා වේ.

No comments:

Post a Comment