Thursday, May 5, 2011

අපරැක්කේ හිමිගෙන් සාමනේර හිමිවරුන්ට අතවරවී ඇත්දැයි පරීක්‍ෂා කරන්න නියෝග


හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්ගෙන් බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනාට බරපතළ ලිංගික අතවර සිදුවී ඇත්දැයි සොයා බැලීමට පරීක්‍ෂණයක් කර අධිකරණයට වාර්තාවක් සපයන ලෙස ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (05) නියෝග කළාය.

එලෙස අපයෝජනයට ලක්වූයේ යැයි සැක කෙරෙන කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනාගේ භාරකාර හිමිවරුන් කවුරුන්දැයි සොයා බලා වාර්තා කරන ලෙසද මහේස්ත‍්‍රාත් වරිය ළමා හා කාන්තා කාර්්‍යංශ නිලධාරීන්ට නියෝග කළාය.

රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මීට පෙර, අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් විසින් පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී තිබිනි.

සිද්ධිය සම්බන්ධයෙන් නිර්නාමික පුද්ගලයකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට 2010 අගෝස්තු 04 වැනිදා ඉදිරිපත් කර තිබූ පෙත්සමකට අනුව එම අධ්‍යක්ෂවරයා විසින් මීරිගම පමුණුව නාගස්ඇල්ල් ප‍්‍රදේශයට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යවා රහසිගත පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව විත්තිකාර හිමි නම අත්අඩංගුවට ගනු ලැබිනි.

මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බාලවයස්කාර සාමනේර හිමිවරුන් පොලිස්ථානයේ පිටුපස පිහිටා තිබෙන ශාසන වර්ධන පිරිවනේ අධ්‍යාපනය ලබන බවත්, සති අන්ත දිනවලදී නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයට පැමිණි අවස්ථාවලදී මෙලෙස අතවරයට පත්ව ඇතැයි ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ විහාරාධිපති වන අපරැුක්කේ හිමියන් රාතී‍්‍ර කාලයේදී මෙම සාමනේර හිමිවරුන් බියවද්දා ලිංගික අතවර කර ඇතැයි ද පැවසේ.

මෙම සාමනේර හිමිවරුන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ පසුවෙති.

අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තේරීපත්වූ අතර, පසුව එම පක්‍ෂය විසින් එහිමියෝ මන්තී‍්‍ර ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

No comments:

Post a Comment