Friday, May 6, 2011

ඔසාමාගේ තවත් ප‍්‍රහාරයක සැලසුමක තතු හෙළිවේ


අල්කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් අමරිකාවට එරෙහිව තවත් දැවැන්ත ප‍්‍රහාරයක් සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය කියා සිටී.

මීට සම්බන්ධ සැලසුම් ඇතුළත් ලේඛන රැසක් අල්කයිඩා නායකයා ඝාතනයට ලක්වූ ස්ථානයේ තිබී සොයා ගෙන ඇති බව එහි දක්වා තිබේ.

සැලසුමට සම්බන්ධ තොරතුරු සහිත ඞී.වී.ඞී. තැටියක්ද හමුවූ බව එහි සඳහන් වේ.

නිවුයෝක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල කළ ප‍්‍රහාරයට සමාන අයුරින් මෙම ප‍්‍රහාරය සැලැසුම් කර තිබූ බවද පැවසේ.

ලබන සැප්තැම්බර් මස 11 වනදා පැවැත්වීමට නියමිත සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ දසවන සැමරුමට සමගාමීව මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කිරීමට නියමිතව තිබූ බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

No comments:

Post a Comment