Friday, May 6, 2011

හොර ලියවිලි වලින් පුද්ගලයින් රට යවලා -මීගමුවේදී කොටුවෙයි


ව්‍යාජ ලේඛන සකස් කර පුද්ගලයින් විදේශ රටවල යැවීමේ ජාවාරමක නිරත වුණු පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(06) දහවල් මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ දී එම කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහු සතුව තිබු ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන්බලපත්‍ර, ව්‍යාජ වීසා පත් සහ විදේශ‍ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන මුද්දර තොගයක් ද සොයාගෙන ඇත.

මුදල් ලබාගෙන ජෝර්දානය වැනි රටවලට මොහු විසින් පුද්ගලයින් යවා ඇති බව වාර්තා වේ.

මීගමුව සහ කොළඹ ප්‍රදේ‍ශයේ ස්ථාන කිහිපයක රහසිගතව මෙම ජාවාරම සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව වැටලීම සිදුකළ බව සඳහන්ය.

No comments:

Post a Comment