Sunday, May 15, 2011

මුහුණක් රහිත මිනිසාට නව මුහුණක් බද්ධ කෙරේ


හදිසි අනතුරකින් සිය මුහුණම අහිමි වූ ටෙක්සාස් ප‍්‍රාන්තයේ මිනිසෙකුට පූර්ණ මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් මගින් නව මුහුණක් ලබා දීමට ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ 30 පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය 15 පුරා මෙම ශල්‍යකර්මය සිදුකෙරුනු අතර, එහිදී නාසය, දෙතොල්, මුහුණේ හම, ස්නායු හා මාංශපේශි බද්ධ කිරීම සිදු විය.

මෙය, මෙවැනි ශල්‍යකර්මයක් ඇමෙරිකාවේ සිදුකළ ප‍්‍රථම වතාවයි.

2008 දී අධික ධාරිතා විදුලි රැහැනක වැදීමෙන් 25 හැවිරිදි ඩලස් වීන්ස් හට සිය මුහුණේ සියළු අංග අහිමි වූ අතර, ඔහු සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත්විය. නාසය අහිමි වීම හේතුවෙන් ඔහුට හුස්ම ගැනීමේ අපහසුතතාවයන් ද තිබුණි.

වීන්ස් ගේ සැත්කමෙන් පසුව රිය අනතුරක් හේතුවෙන් මුහුණ දැඩි ලෙස විකෘතිභාවයට පත්වූ තවත් පුද්ගලයකුට සාර්ථක ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් සමත් විය.

No comments:

Post a Comment