Tuesday, May 10, 2011

වෙඩිතබා සුනඛයෙකු මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට



හලාවත නගරයේ නිවසක ඇති කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

තම නිවසේ සිටි සුනඛයා වෙඩි තබා ඝාතනය කර ඇති බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනූව ඊට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය සඳහන් කරයි.

ඔහු සතුව තිබී බෝර දොළහේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ගිනි අවිය සඳහා රජය විසින් සැකකරුට බලපත්‍රයක් ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment