Wednesday, May 25, 2011

උදාරිගේ අලූත් පෙම්වතා හිරාන් ද?


කොළඹ සුපිරි ඇඳුම් සාප්පුවකින් ඇඳුම් සොරකම් කළේ යැයි චෝදනා එල්ලවීම නිසා පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් ටෙලිනිලියක් හා මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන උදාරි චාමිකා වර්ණකුලසූරිය නැගීඑන මෝස්තර නිරූපන ශිල්පියෙක් වන හිරාන් යටෝවිට සමග හාදකමක් ඇති කරගෙන ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ නිරූපණ ශිල්පියා උදාරි සමග හාද වී ඇත්තේ ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ එක් නර්තන අංගක් සඳහා උදාරිගේ සහය නර්තන ශිල්පියා ලෙස එකවීමත් සමග බව පැවසේ.

මොවුන් දෙදෙනා ප‍්‍රවීන රංගන ශිල්පියෙකු වන සංඛ යටතේ මෙම නර්තනයට පුහුණුවූ බවත්, අදාළ නිරූපන ශිල්පියාගේ රංගන අංගය අවසන්වුවත් උදාරි ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ හි පුහුණුවීම්වලට සහභාගිවන සෑම දිනකම මෙම නිරූපන ශිල්පියා ද පැමිණෙන බවත්, ‘නඩා’ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මොවුන් දෙදෙනා මෑතකදී විනෝද සවාරියක් සඳහා ද ගොස් ඇතැයි පැවසේ.

මෙම හාදකම හේතුවෙන් උදාරිගේ මෝටර් රථයට අලූත් තාලයේ තිරරෙදි කිහිපයක්ද එක්වී ඇතැයි ද වාර්තා වේ.

උදාරි පසුගිය වටයේදී ‘ඩානස් ස්ටාර්ස් ඩානස්’ වැඩසටහනින් ඉවත් කිරීමට මෙම හාදකම බලපා අතැයි ද මේ අතර, වාර්තා වේ.

අදාළ හාදකම පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමග උදාරිට එම වැඩසටහන විකාශයවන නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකුගෙන් ලැබී තිබූ විශේෂ සැලකිල්ල කෙළවර වීම නිසා ඇය ඉන් ඉවතට විසිවූ බවද පැවසේ.

උදාරි මෙම අධ්‍යක්‍ෂවරයා සමග සිගප්පූරුවේ ඔචඩ් විදීයේ අත්වැල් බැඳගෙන ගිය අයුරු ලාංකික පැපරාසියකුගේ කැමරා කාචයේ සටහන්ව අතැයි ද වාර්තා වේ.

උදාරි පේ‍්‍රක්‍ෂකයන් අතර, වඩාත් ජනප‍්‍රියවූයේ ‘බොද මීදුම්’ ටෙලි නාට්‍ය හි ප‍්‍රධාන චරිතයවන සංසලා ලෙස රංගනයෙන් දායක වෙමිනි.

උදයකාන්ත වර්ණසූරියගේ පායා එන්න හිරු සේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මවමින් ඈ රිදී තිරයේ කතා නායිකාවක් වන්නට ද සමත්වූවාය

Copyright © www.srilankamirror.com

Sunday, May 22, 2011

පිය පුතු එක්වී ගැබිණියක් මරලා



අනුරාධපුර පරගස්දන්වැව මැදගම ප‍්‍රදේශයේදී පියකු හා පුතකු එක් වී පිහි ප‍්‍රහාර එල්ල කර ගැබිනි කතක් සහ තවත් අයෙකු ඊයේ (20) ඝාතනය කර තිබේ.

සැකකාර පියා අසල්වැසියන් විසින් අල්ලා පොලිසියට බාරදී ඇති අතර, පුතා පලාගොස් සැගවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ විසි හැවිරිදි ගැබිනි කාන්තාවක් වන සකුන්තලා ප‍්‍රියදර්ශනී සහ ඇගේ ඥතියකු වන 65 හැවිරිදි මුදලාහිටිගේ රන්බණ්ඩා නමැති දෙදෙනාය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


Copyright © www.srilankamirror.com

‘මෙගා’ නිසා සුජානි, තිරිමාදුරට පුප්පයි

පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙලේ දිගහැරුණු හාස්‍ය උත්පාදක නාට්‍යට පණ පොවනු ලැබුවේ කුමාර තිරුමාදුර, මිහිර සිරිතිලක හා දුලීකා මාරපන විසිනි.

මේ කෙටි විකට නාට්‍යයේදී මෙගා ටෙලි නාට්‍ය හරහා නාට්‍ය කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව හාස්‍යට ලක්කර තිබේ.

එහිදී කුමාර තිරුමාදුර වර්තමානයේ සිටින්නේ කලාශිල්පීන් නොවන බවත්, අද කලාකරුවා දෛනික දීමනා ලබන කම්කරුවෙකු බවට පත්ව ඇතැයි (ටෙලි කම්කරුවා) යන්න හාස්‍ය සමඟ මතුකර තිබේ.

අදාළ දෙබස් සම්බන්ධයෙන් කිපුණු මෙගා ටෙලි නිළියක් වන සුජානි මේනකා එම විකට ජවනිකාව අවසන්වූ වහාම කුමාර තිරුමාදුර මුණගැසී දොස් නගා ඇතැයි පැවසේ.

ඇය කියා ඇත්තේ ගෙදර ප‍්‍රශ්න පිටට නොපෙන්වන ලෙසත්, මෙවැනි කියුම් කෙරුම් නිසා තමන් වැනි ශිල්පීන් හෑල්ලූවට ලක්වන බවත්ය.

තිරිමාදුර වත්මන් කලා ශිල්පීන් ටෙලි කම්කරුවන් ලෙස අර්ථ දැක්වීමට උත්සාහකර ඇත්තේ, මෑතක සිට ආරම්භ කර ඇති මෙගා ටෙලි නාට්‍ය හරහා කලාකරුවන් කම්කරුවන් බවට පත්ව තිබීමේ ඛේදවාචකය ඉස්මතු කිරීමට බව පැවසේ.

පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය සඳහා කලාශිල්පීන් එක්කර ගැනීමේදී අදාළ ටෙලිනාට්‍යයේ කොටස් ගණන අනුව එකවර ගෙවීමක් සිදු කළ ද, වර්තමානයේ තිබෙන මෙගා ටෙලි නාට්‍යවලට කලාකරුවන්ට ගෙවීම්කරනු ලබන්නේ දෛනික ක‍්‍රමයට බව වාර්තා වේ.

මෙගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම සිදුකරනු ලබන ස්ථානයේ එම රූගත කිරීමට සහභාගිවන කළා කරුවන්ගේ නාම ලේඛණයක් තබන බවත්, දිනය අවසානයේ අදාළ නාම ලේඛණයේ අත්සන් තබා ඇති කලාශිල්පීන්ට ගෙවීම් සිදුකරනු ලබන බවත් පැවසේ.

මෙම දෛනික ගෙවීම රුපියල් 4,000 සිට රුපියල් 500 දක්වා එකිනෙකාගේ තරා තිරම අනුව සිදුකරනු ලබන බවත් වාර්තා වේ.

Copyright © www.srilankamirror.com













Thursday, May 19, 2011

ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද?

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට අලූත්ම ඇලියෝන් මෝටර් රියක් මීගමුවේ මෝටර් රථ අලෙවිසැලක හිමිකරුවෙක් විසින් තිළිණයක් ලෙස ලබාදී ඇතැයි වාර්තා වේ.

මෙම තිළිණය දුන් ව්‍යාපාරිකයා ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් බවත්, ඔහු තරමක් තලතුනා අයෙක් බවත් පැවසේ.

මේ අධ්‍යක්‍ෂවරයා නිළියන් සමඟ හාදවීමට මනාප අයෙකු බවත්, මොහු අනූව දශකයේ ජනපි‍්‍රය සිනමා නිළියන් දෙදෙනෙකු සමඟම හාදවී සිටි බවද මේ අතර, වාර්තා වේ.

කෙසේවුවද ශලනිගේ හිත මේවන විට දිනාගෙන සිටින්නේ නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහ බවත් පැවසේ.

පසුගියදා ශලනි, හේමාල් කැටුව චැලෙන්ජර්ස් චිත‍්‍රපටය නැරඹූ බවද වාර්තා වේ.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

වසර 2007 දී සිරස කුමරිය ලෙස අභිෂේකවූ ශලනි, සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

Copyright © www.srilankamirror.com

Sunday, May 15, 2011

අයෂානිගේ අලූත් පෙම්වතා මන්ත‍්‍රී කෙනෙක්



මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන අයෂානි දුලංගි ගමගේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ තරුණ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.

අදාළ මන්තී‍්‍රවරයා අයෂානිගේ දුර ඥාතියෙකු බවද පැවසේ.

මෙම මන්තී‍්‍රවරයා හිටපු ජේ්‍යෂ්ඨ ඇමතිවරයෙකුගේ පුතෙකු වන අතර, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකි.

කලාකරුවෙකු මෙන්ම ව්‍යාපාරියකු ද වූ අයෙකු මීට පෙර අයෂානි විවාහකර ගැනීමට සුදානම්ව සිටිය අතර, අදාළ මන්තී‍්‍රවරයා හා අයෂානි අතර පැවැති රහස් සම්බන්ධයක් අතටම අසුවීමෙන් පසු එම සම්බන්ධය බිඳී ගිය බවද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අයෂානි මුලින්ම ක්ෂේත‍්‍රයට පය තැබුවේ කසුන් කල්හාරගේ ගීතයක පසුබිම් දර්ශනයකට පෙනී සිටීමෙනි.

ඉන්පසුව ඇය වෙළඳ නිරූපිකාවක් ලෙස කටයුතු කළ බවත් ඇය මෙම ක්ෂේත‍්‍රයේ වසර 07ක් තිස්සේ රැඳී සිටින බවත් පවසන්නීය.

පසුව ඇය ‘දෙරණ වීට් මිස් ශ‍්‍රී ලංකා 2009’ තෙවැනි ස්ථානයට පත්්වීමට සමත් වූවාය.

කලක් ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් ලෙසත් කොමර්ෂල් බැංකුවේද සේවය කළ ඇය වර්තමානයේ ශ‍්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනු ලබන්නීය.

Copyright- srilankamirror.com

























මුහුණක් රහිත මිනිසාට නව මුහුණක් බද්ධ කෙරේ


හදිසි අනතුරකින් සිය මුහුණම අහිමි වූ ටෙක්සාස් ප‍්‍රාන්තයේ මිනිසෙකුට පූර්ණ මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් මගින් නව මුහුණක් ලබා දීමට ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ 30 පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය 15 පුරා මෙම ශල්‍යකර්මය සිදුකෙරුනු අතර, එහිදී නාසය, දෙතොල්, මුහුණේ හම, ස්නායු හා මාංශපේශි බද්ධ කිරීම සිදු විය.

මෙය, මෙවැනි ශල්‍යකර්මයක් ඇමෙරිකාවේ සිදුකළ ප‍්‍රථම වතාවයි.

2008 දී අධික ධාරිතා විදුලි රැහැනක වැදීමෙන් 25 හැවිරිදි ඩලස් වීන්ස් හට සිය මුහුණේ සියළු අංග අහිමි වූ අතර, ඔහු සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත්විය. නාසය අහිමි වීම හේතුවෙන් ඔහුට හුස්ම ගැනීමේ අපහසුතතාවයන් ද තිබුණි.

වීන්ස් ගේ සැත්කමෙන් පසුව රිය අනතුරක් හේතුවෙන් මුහුණ දැඩි ලෙස විකෘතිභාවයට පත්වූ තවත් පුද්ගලයකුට සාර්ථක ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් සමත් විය.

ගණිකා වත

ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නො‍‍වේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරය‍ට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාර‍යෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්ත‍මේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.

ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්‍රය නැමැති ග්‍රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.



[සංස්කරණය] ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

වාත්ස්‍යායනගේ ප්‍රකාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.
ගණිකා වෘත්තියද වෙළඳ ව්‍යාපාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්‍රමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්‍ර වීම අවශ්‍ය වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍ය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.
මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය නිසා තමන්ට අවශ්‍ය විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.
හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්‍රීතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍යයෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්‍රසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්‍රයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.
ප්‍රීතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්‍රබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්‍යායන සඳහන් කරයි.

[සංස්කරණය] ගණිකාව සතු චාරිත්‍ර

ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි විශේෂයක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඒ අනුව ඇයගේ හැසිරීම් රටාවෙහි ප්‍රධාන ලක්ෂණය වියයුත්තේ පුද්ගලයකු තමාට ඇලුණු පසු තමා ඔහු කෙරෙහි නොඇලී ඔහු කෙරෙහි ඇලුණු තැනැත්තියක මෙන් කටයුතු කිරීමය. එබදු ගණිකාවන් පිළිබඳ පුවත් ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්‍රයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍රයා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.
වාත්ස්‍යායන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි “මව” යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්‍රියකි. මේ කියන මව ක්‍රෑර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්න‍ට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.
ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්‍රකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්‍රහ කළ යුතුය.
ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍ය බත්, බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.
ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්‍රායට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්‍යායන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්‍රිය අය තමාද ප්‍රිය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්‍රියාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්‍ය වේ.
මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි මහත් රාශියක් ගැන වාත්ස්‍යායන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත්කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.

මැයි 17 වන දා සියලු විහාරවල එකවර ඝණ්ඨා නාදකරන්නැයි ඉල්ලයි


2,600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් වෙසක් උදාව සිදුවන මැයි මස 17 වන දින උදෑසන 5.45 සිට උදෑසන 5.50 දක්වා කාලය තුළ දිවයිනේ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කිරීමට පියවර ගන්නැයි සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටියි.

එමෙන්ම සෑම නිවසකම බෞද්ධ කොඩියක් ඔසවා තබන ලෙස එම කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෙසක් දිනය තුළ ප්‍රතිපත්ති පූජාවන්ට බාධාවන පරිදි අධික ශබ්ද යොදා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමෙන් ද වළකින ලෙස 2,600 වැනි ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව දැනුම් දෙයි.

මේ අතර මෙවර වෙසක් පොහෝ දිනයේ සිට ලබන වසරේ වෙසෙක් පොහොය දක්වා වු වසරක කාලය 2,600 වැනි සම්බුද්ධව ජයන්ති වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම වසර තුළ සෑම පුරවැසියෙකුම ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීමට අදිටන් කර ගත යුතු බව එම කමිටුව දැනුම් දෙයි.

නෝර්වේ තානාපති කාර්යාලයෙන් එල්ටීටීඊ සාමාජිකයින්ට උදව්


රහසිගතව ශී‍්‍ර ලංකාවෙන් පිටව යෑමට එල්ටීටීඊ සාමාජිකයින් උපකාර කොට ඔවුන්ට නෝර්වේ රාජ්‍යයේ සරණාගතභාවය ලබාදීමට කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලයේ සමහර සේවකයින් කටයුතු කළ බව නෝර්වේහි පළවන ‘ආෆ්ටර්පෝස්ටන්’ පුවත්පත වාර්තා කරයි.

එවැනි පුද්ගලයින් 12 දෙනෙකු පමණ වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශපත් මිලදී ගෙන, ඔවුන්ගෙන් සමහරෙකු ගුවන් තොටුපලට ගෙනගොස් හැරලවා, ඉතා කෙටි කාලයකදී වීසා ලබාදී ඇතැයි එම පුවත්පත කියා සිටී.

මෙම කි‍්‍රයාවන් දෙරට අතර සබඳකම්වලට අහිතකර ලෙසින් බලපානු ඇතැයි නෝර්වේහි විරුද්ධ පක්‍ෂ බිය පළකොට ඇත.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්වේ ආයතනයේ පර්යේෂණ ප‍්‍රධානී අයිවර් නිව්මාන් පවසා ඇත්තේ, රටක ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රතිපත්තීන් උල්ලංඝනයන් එමඟින් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, එල්ටීටීඊ සාමාජිකයින්ට රහසිගතව උපකාර කිරීම තර්ජනයට ලක්ව සිටින පුද්ගලයින්ට සහාය වීමක් බව ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමති එරික් සෝල්හයිම් කියා ඇත.

සාම කි‍්‍රයාවලියට පහසුකම් සැපයීමේ යෙදී සිටි නෝර්වේ රාජ්‍යයට මානුෂීය වශයෙන් ද වගකීම් තිබූ බවත්, ශී‍්‍ර ලංකාව යනු පුද්ගලයින් නොයෙකුත් ආකාරයේ තර්ජනයන්ට ලක්වන රටක් බවත් ඔහු පවසා තිබේ.

‘මට පිළිතුරු දීමට ඉඩ නොදීමෙන් රජය ආරක්‍ෂක හමුදා පාවා දෙනවා’


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එල්ල කොට ඇති සාවද්‍ය චෝදනාවලට පිළිතුරු දීමට තමන්ට අවස්ථාව ලබා නොදීම මඟින් රජය ආරක්‍ෂක හමුදාවන් පාවා දී ඇතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

තමන්ට හා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව එම චෝදනා ඉදිරිපත් කොට ඇති බව, තම උගුරේ ආබාධයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා අද (මැයි 13) කොළඹ නවාලෝක රෝහලට පැමිණි ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන්ට පැවසීය.

සුදුකොඩි නඩුව විභාගයට ගන්නා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ බන්ධනාගාර බලධාරීන්ට නියම කළේ ඔහුට කළින් ප‍්‍රතිකාර කළ වෛද්‍ය වජිර තෙන්නකෝන් ලවා නැවත වරක් ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටයි.

Tuesday, May 10, 2011

ඇමති චම්පික ආරණ්‍යගතවීමට යයි


විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිස මුඩුකරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීමට සූදානම් වන බව විදුලි හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයිග ලබන 8 වනදා රාජගිරිය සදහම් සෙවණේදී මෙම ආගමික උත්සවය පැවැත්වෙන බව විදුලිබල අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊට සමගාමීව ජාතික හෙළ උරැමය තවත් 25 දෙනෙකු ද හිස මුඩු කරමින් දස සීලය සමාදන්ව දින 10ක් ආරණ්‍ය ගතවීම මෙහිදී සිදුවෙයි. 2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මෙම ආගමික උත්සවය පැවැත්වෙනු ඇත.

‘මට ස්‌ථිර පක්‍ෂයක්‌ නැහැ’ – රන්ජන් රාමනායක


‘මට ලැබුණු සියලු දේ ලැබුණේ කලාවේ නාමයෙන්. ඒ නිසා මා මුල්තැන ලබාදෙන්නේ කලාවට. මට ස්‌ථිර පක්‍ෂයක්‌ නැහැ. මගේ පක්‍ෂය ජනතාව සමග සිටීමයි. කලාකරුවාට කිසිවකු වෙනුවෙන් බෙදෙන්නත් බැහැ. බෙදිය යුත්තේත් නැහැ යැයි එක්‌සත් ජාතික පක්‍ෂපාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකය මහතා පවසයි. තම හඬ අවදි කළ යුතු තැනදී එයට පසුබට නොවන බවත්, ජනතා නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක විය යුතු සෑම තැනකදීම නිර්භයව ක්‍රියාකරන බවත්, මැදපෙරදිග දුක්‌ කම්කටලුවලට ලක්‌ව සිටින ශ‍්‍රී ලාංකේය සහෝදර ජනතාව වෙනුවෙන් සෑම විටම සාධාරණය ඉටුකර දීමට තමා සෑම විටම මූලිකත්වය ගත් බවත්, හෙතෙම සදහන් කර සිටී. ඔහු මෙම කාරණා සදහන් කර ඇත්තේ ‘දිවයින’ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

සද්ධවිද්ධ රාජපක්‍ෂ පලඟපතිර අඹකුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්‌ටර් අල්පොන්සෝ වූ ඔබ රන්ජන් රාමනායක වූයේ කෙසේදැයි එහිදී කළ විමසීමේදී රන්ජන් රාමනායකය මහතා මෙසේ අදහස් දක්වා ති‍බේ.

‘ඇත්තටම මේ සෑම දෙයක්‌ම මා කරා පැමිණියේ කලාව නිසා, කලාව දේවත්වයෙහිලා ගෞරව කරන්නේ එම නිසයි. පුංචි කාලයේ මම රඟපෑම කුමක්‌ද යන වග දැකබලා ගත්තේ සහ එයට එක්‌වීමට අදිටන් කරගත්තේ නැසීගිය ජනප්‍රිය සහ ප්‍රවීණ රංගධරයකු වූ විජය කුමාරතුංග මහතාගේ විශිෂ්ට රංගනයන් දුටු නිසයි. එතුමාගෙන් මගේ දිවියට උකහාගත් දේ බොහෝයි. වාසනාවට කුමාරතුංගයන් මගේ මාමා වුණා. 1986 දී සෝමරත්න රාමනායක මහතා අධ්‍යක්‍ෂණය කළ ‘ජය කොතනද’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මා ජීවය එක්‌ කළේ ඉතාමත් සතුටින්. ඔහුට කෘතවේදිත්වය පළ කිරීම උදෙසා ඔහුගේ නාමයේ අග කොටස වූ රාමනායක මගේ නමට එක්‌කර ගනිමින් රන්ජන් රාමනායක ලෙසින් භාවිත කිරීමට පටන් ගත්තා’.

අනාරාධිතව මගුල් කන කල්ලියක් අල්ලයි



අනාරාධිතව විවාහ මංගල්‍ය උත්සවවලට ගොස් කාබී සතුටුවී යන කල්ලියක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර ඇතැයි වැලිකඩ පොලිසියෙන් වාර්තා වේ.

සිවුදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් රජයේ ආරක්ෂක අංශයක සේවය කරන පිරිසක් බවද හෙළිවී තිබේ.

වැලිකඩ ප‍්‍රදේශයේ හෝටලයක පැවැති විවාහයේ දෙවැනි ගමනේ උත්සවයකදී පවුල්වල ඥතීන් හා විවාහක යුවල එකිනෙකා හඳුන්වා ගනිද්දී මෙම කල්ලියේ අමුතු හැසිරීම් දැක ඔවුන් පොලිසියට අල්ලාදී ඇත.

මෙම කල්ලිය විවිධ ප‍්‍රදේශවල පැවැති මංගල උත්සව සඳහා සහභාගිවී මෙලෙස කාබී විනෝදවී ගොස් ඇතැයි ද පැවසේ.

ජැකාගේ ලොකු පුතා ඒමි හා හාදවෙලා


ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දරගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා බව වාර්තා වේ.

ධනුද්දර හා ඒමි පෙම් පටලැවිල්ල මේවන විට ඉතා සරුවට ඵළ දරා ඇතැයි ද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග වැදුනි.

ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූ අතර, එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් ලෙසද කිරුළු පැළැඳීමට සමත්වූවාය.

උස අඩි 5.9 ක් වන ඒමි නිරූපන ශිල්පය ප‍්‍රගුණකර ඇත්තේ ප‍්‍රවීන නිරූපන ශිල්පී රොසෑන් ඩයස් යටතේය.

නර්තන ශිල්පී කපිල පළිහවඬනගේ ‘නටන්ඩ ’ නර්තන පාසලින් බැලේ නර්තනය පිළිබඳව ද හදාරා ඇති ඒමි කලම්බු ෆැෂන්වීක්, අයිෆා හා එල්.අයි.එෆ්.ටී. යන මෝස්තර නිරූපන සංදර්ශන සඳහා ද මෝස්තර නිරූපනයෙන් දායක වී ඇත.

වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.

ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වූවාය.

ඇයට තවත් බාල සහෝදරියක් ඇති අතර, ඒමි ඞී.එෆ්.සී.සී. බැංකු හා මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහා ද පෙනී සිට ඇත.

බියන්කාගේ පෙම්වතා කි‍්‍රකට් තරුවක්


මොස්තර නිරූපන ක්ෂේත‍්‍රයේ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන බියන්කා පහත්කුඹුරගේ අලූත් පෙම්වතා කි‍්‍රකට් තරුවක් බව වාර්තා වේ.

මෙම කි‍්‍රකට් තරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට නැතිවම බැරි කී‍්‍රඩකයෙකු බවත්, ඔහු මේ දිනවල ආබාධයකට ලක්වී සිටින අයෙක් බවත් පැවසේ.

අදාළ කී‍්‍රඩකයා මෝස්තර නිරූපිකාවන්ගේ ආදරය දිනාගැනීමට කැමැත්තක් දක්වන අයෙක් බවත් ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වයස අවුරුදු 29ක් වන බියන්කා, මෝස්තර නිරූපණ ක්‍ෂෙත‍්‍රය තුළ ඉහළ ජනපි‍්‍රයත්වයක් ඇති මෝස්තර නිරූපිකාවකි.

නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය, නිරූපණ ක්‍ෂෙත‍්‍රය තුළ වඩාත් ජනපි‍්‍රයවී ඇත්තේ ‘කැට් වෝක්’ ගමන් විලාසය හේතුවෙනි.

බියංකා ඉන්දීය හා පාකිස්තානු නිරූපනවේදීන් සමඟ ද නිරූපන සංදර්ශන සඳහා එක්වී ඇති අතර, ඇය කලක් ශී‍්‍ර ලංකා ගුවන් සේවයේ ගමනාන්තර මෝස්තර නිරූපිකාවක් ලෙස සේවය කර තිබේ.

ඇය 1999 වසරේ ‘මිස් වීනස්’ තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූවාය.

වෙඩිතබා සුනඛයෙකු මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට



හලාවත නගරයේ නිවසක ඇති කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

තම නිවසේ සිටි සුනඛයා වෙඩි තබා ඝාතනය කර ඇති බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනූව ඊට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය සඳහන් කරයි.

ඔහු සතුව තිබී බෝර දොළහේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ගිනි අවිය සඳහා රජය විසින් සැකකරුට බලපත්‍රයක් ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මව්වරුන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 43



සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 79 ක් අතරින් මව්වරුන්ට සමාජය තුළ හිමිව ඇති තත්ත්වය අනුව කරන ලද නාමකරණයකදී ශ්‍රී ලංකාවේ මව්වරුන්ට 43 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් රාජ්‍ය ‍නොවන සංවිධානයක් විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරින් මෙම වාර්තාව එළිදක්වා තිබේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය බොහෝ පහල මට්ටමක ඇති අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 75 වන ස්ථානයයි.

චීනයට 18 වන ස්ථානයත්,පකිස්ථානයට 77 වන ස්ථානයත්,අවවර්ධිත රටවල් 40 ක් අතරින් බංග්ලාදේශයට 18 වන ස්ථානයත් හිමිව ඇති බව එකී වාර්තා වේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් මව්වරුන්ට හොඳම සමාජ තත්ත්වයක් හිමිව ඇත්තේ කියුබාවේ වන අතර සංවර්ධිත රටවල් අතරින් පිළිවෙළින් ‍නෝර්වේ,ඕස්ට්‍රේලියාවට හා අයිස්ලන්තය ප්‍රමුඛත්වය දිනා තිබේ.

“සේව් ද චිල්ඩ්රන්”සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරින් රටවල් 164 ක් සංවර්ධිත,සංවර්ධනය වෙමින් පවත්නා හා අවවර්ධිත ලෙස වර්ගීකරණය කරමින් මෙම වාර්තාව එළිදක්වා තිබේ.


හොර කොන්දොස්තර දුමින්ද සිල්වා අනිද්දා තෙක් රිමාන්ඞ්


ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ සිට බිබිල දක්වා ගමන් ගන්නා බස් රථයකට ගොඩවී ව්‍යාජ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරමින් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙකු මැයි 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (09) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ බලංගොඩ ඌවතැන්නේ පදිංචි කරුවෙකු වන දේවගේ දුමින්ද සිල්වා නැමැති අයෙකි.

ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප‍්‍රවේශපත‍්‍ර පොතක් සොරකම් කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීම යන චෝදනා යටතේ මොහුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ සැකකරු එක් මගියෙකුට ප‍්‍රවේශ පතක් නිකුත්කර ඇත්තේ රුපියල් 210 කට බවත්, ඔහු අත්අඩංගුවටපත් වූ අවස්ථාවේදී ඔහු ළඟ තිබී හෙරොයින් මිලි ග‍්‍රෑම් 10ක් ද සොයාගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

හෙරොයින් චෝදනාව සම්බන්ධයෙන් සැකකරු ඉදිරි දිනයකදී මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද කොටුව පොලිසිය අධිකරණයට දැන්වීය.

කෙසේවුවද සැකකරු ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප‍්‍රවේශපත‍්‍ර පොත සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ යුතු බවද කොටුව පොලිසිය අධිකරණයට දැන්වීය.

තව සති දෙකකින් මම තීරණයක් ගන්නවා- දයාසිරි

සාධාරණත්වය වෙනුවෙන් පක්ෂය වෙනස් විය යුතු යැයි පැවසු මිනිස්සු එළියට විසි කර ඇතැයි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (08) පඬුවස් නුවර, පණ්ඩුකපුර පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
අර්බූදයක් ඇති වුනහම ඒ අර්බූදයෙන් පස්සේ අප‍ට විරුද්ධ මිනිස්සුත් අපිට දාන්න වෙනවා. දේශපාලනය එහෙමයි. දැන් මොකද වෙලා තියෙන්නෙ දැන් අර මේ සටනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය නැත්නම් සාධාරණත්වය වෙනුවෙන් මේ පක්ෂය වෙනස් වෙන්න ඕන කියපු මිනිස්සු ටිකල ඉමිටියාස් බාකිර් මාකර්ලා ඊළගට එතනින් ගියහම බුද්ධික පතිරණලා, රංජිත් මද්දුම බණ්ඩාරලා, තලතා අතුකෝරලා, ‍රෝසි සේනානායකලා මේ අය ඔක්කෝම දැන් එළියට විසි කරලා. දැන් මාව දාලා තියෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයටල බැරි වෙලාවත් මේ අයින් කරපු අය ඇතුළට දාගන්න බැරි වුනොත් මම සති දෙකක් ඉවසනවා. බැරිවුණොත් මම මගේ තනතුරෙන් ඉල්ලා අස්වෙනවා මතක තියා ගන්න, යැයි පැවසීය.

එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවන නායයෑම් සහ දියවීම් තවදුරටත් දරාගන්නට නොහැකි බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසයි.

මේ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් අවදිකිරීමටත්, ධෛර්යයමත් කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත්, එහි පළමු පියවර වශයෙන් මැයි මස 11 වන දින සවස 3.00ට ”පක්‍ෂයේ උරුමය යළිත් පාක්‍ෂිකයින්ට – පෙළ ගැසෙමු නගන්නට හඬ” යන මැයෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පවත්වන බවත් හෙතෙම අද දෙරණට කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මෙරට එක් අයෙකු දෙදෙනෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ පක්ෂයක් නොව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ආදී ලක්ෂ 40 ක පමණ ජනතාවකගේ පක්ෂයක් බැවින් එකී අයිතිය ජනතාවට යළි ලබාදිය යුතු බව මාකර් මහතා පෙන්වා දුන්නේය.

ඩී.එස්, ඩඩ්ලි,ජේ.ආර්,ප්‍රේමදාස වැනි පක්ෂයේ උදාර නායකයින් පක්ෂයට කළ මෙහෙවර යළි පාක්ෂිකයන්ට දිනාදිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

බදාදා දිනයේ පවත්වන සම්මන්ත්‍රණයේදී එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එජාප හිටපු උප සභාපති ඉමිතියාස් බාකීර් මාකර්, පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක, සමවාදී ශිෂ්‍ය පෙරමුණේ ආරම්භක සභාපති පාලිත පැල්පොල යන අය සම්මන්ත්‍රණය ඇමතීමටද නියමිත බව ද ඔහු කියා සිටියේය.

Friday, May 6, 2011

අයිපීඑල් සමඟ ෂේන් වෝන්ගේ වෘත්තියත් අවසන්


මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප‍්‍රමුඛ පෙල තරඟාවලියෙන් පසුව තමන් වෘත්තීමය කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව දඟපන්දු යවන ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ෂේන් වෝන් කියා සිටී.

හතළිස් එක් හැවිරිදි වෝන් රාජස්තාන් රෝයල් කණඩායමේ නායකයා හා පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.

ඔහු 2007දී ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුළු 708ක් හා එක්දින කඩුළු 293ක් දවා ගැනීමට සමත්ව සිටියේය.

වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු ගැනීමෙන් පසුව පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට ඇතැයි වෝන් කියා සිටී.