Friday, May 6, 2011

තම නායකයාගේ මරණය අල් කයිඩා පිළිගනී


තම නායක ඔසාමා බින් ලාඩන් මියගිය බව අල් කයිඩා සංවිධානය පිළිගෙන තිබේ.

බින් ලාඩන්ගේ මරණය සම්බන්ධයෙන් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ බව කියන නිවේදනයක් ජිහාඞ් වෙබ් අඩවියක පළකොට ඇත.

ඔහුගේ ලේ වැගිරීම නාස්තියක් වීමට ඉඩ නොතබන බවත්, ඇමෙරිකාවට හා එරටෙහි මිත‍්‍ර රටවලට තවදුරටත් ප‍්‍රහාර එල්ල කරන බවටත් එම නිවේදනයේ දැක්වේ.

තම නායකයා ඝාතනය කිරීම එම රටවලට සාපයක් වනු ඇතැයි ද, ඊට එරෙහිව පකිස්තානයේදී නැඟී සිටීමක් සිදුවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මැයි 02 වැනිදා ඇමෙරිකානු කොමාන්ඩෝ භටයින් පකිස්තානයේ ඇබොටාබාද් නගරයේ මන්දිරයක් ඉලක්ක කොටගෙන සිදුකල මෙහෙයුමකදී බින් ලාඩන් ඝාතනය කෙරිණ.

No comments:

Post a Comment