Friday, May 6, 2011

අසැබි චිත්‍රපට අලෙවි කළ දෙදෙනෙක් කොටුවෙයි


අසභ්‍ය චිත්‍රපට ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් වීඩියෝසැල් දෙකක් පවත්වාගෙන යමින් අදාළ සංයුක්ත තැටි අලෙවි කරමින් සිට ඇති බවට සැකකෙරෙන බව පොලිසිය පවසයි.

විජයපුර සහ පුබුදුපුර ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මොවුන් සතුව තිබී අසභ්‍ය චිත්‍රපට ඇතුළත් සංයුක්ත තැටි 116 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment