Wednesday, May 25, 2011

උදාරිගේ අලූත් පෙම්වතා හිරාන් ද?


කොළඹ සුපිරි ඇඳුම් සාප්පුවකින් ඇඳුම් සොරකම් කළේ යැයි චෝදනා එල්ලවීම නිසා පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් ටෙලිනිලියක් හා මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන උදාරි චාමිකා වර්ණකුලසූරිය නැගීඑන මෝස්තර නිරූපන ශිල්පියෙක් වන හිරාන් යටෝවිට සමග හාදකමක් ඇති කරගෙන ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ නිරූපණ ශිල්පියා උදාරි සමග හාද වී ඇත්තේ ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ එක් නර්තන අංගක් සඳහා උදාරිගේ සහය නර්තන ශිල්පියා ලෙස එකවීමත් සමග බව පැවසේ.

මොවුන් දෙදෙනා ප‍්‍රවීන රංගන ශිල්පියෙකු වන සංඛ යටතේ මෙම නර්තනයට පුහුණුවූ බවත්, අදාළ නිරූපන ශිල්පියාගේ රංගන අංගය අවසන්වුවත් උදාරි ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ හි පුහුණුවීම්වලට සහභාගිවන සෑම දිනකම මෙම නිරූපන ශිල්පියා ද පැමිණෙන බවත්, ‘නඩා’ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මොවුන් දෙදෙනා මෑතකදී විනෝද සවාරියක් සඳහා ද ගොස් ඇතැයි පැවසේ.

මෙම හාදකම හේතුවෙන් උදාරිගේ මෝටර් රථයට අලූත් තාලයේ තිරරෙදි කිහිපයක්ද එක්වී ඇතැයි ද වාර්තා වේ.

උදාරි පසුගිය වටයේදී ‘ඩානස් ස්ටාර්ස් ඩානස්’ වැඩසටහනින් ඉවත් කිරීමට මෙම හාදකම බලපා අතැයි ද මේ අතර, වාර්තා වේ.

අදාළ හාදකම පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමග උදාරිට එම වැඩසටහන විකාශයවන නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකුගෙන් ලැබී තිබූ විශේෂ සැලකිල්ල කෙළවර වීම නිසා ඇය ඉන් ඉවතට විසිවූ බවද පැවසේ.

උදාරි මෙම අධ්‍යක්‍ෂවරයා සමග සිගප්පූරුවේ ඔචඩ් විදීයේ අත්වැල් බැඳගෙන ගිය අයුරු ලාංකික පැපරාසියකුගේ කැමරා කාචයේ සටහන්ව අතැයි ද වාර්තා වේ.

උදාරි පේ‍්‍රක්‍ෂකයන් අතර, වඩාත් ජනප‍්‍රියවූයේ ‘බොද මීදුම්’ ටෙලි නාට්‍ය හි ප‍්‍රධාන චරිතයවන සංසලා ලෙස රංගනයෙන් දායක වෙමිනි.

උදයකාන්ත වර්ණසූරියගේ පායා එන්න හිරු සේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මවමින් ඈ රිදී තිරයේ කතා නායිකාවක් වන්නට ද සමත්වූවාය

Copyright © www.srilankamirror.com

Sunday, May 22, 2011

පිය පුතු එක්වී ගැබිණියක් මරලා



අනුරාධපුර පරගස්දන්වැව මැදගම ප‍්‍රදේශයේදී පියකු හා පුතකු එක් වී පිහි ප‍්‍රහාර එල්ල කර ගැබිනි කතක් සහ තවත් අයෙකු ඊයේ (20) ඝාතනය කර තිබේ.

සැකකාර පියා අසල්වැසියන් විසින් අල්ලා පොලිසියට බාරදී ඇති අතර, පුතා පලාගොස් සැගවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ විසි හැවිරිදි ගැබිනි කාන්තාවක් වන සකුන්තලා ප‍්‍රියදර්ශනී සහ ඇගේ ඥතියකු වන 65 හැවිරිදි මුදලාහිටිගේ රන්බණ්ඩා නමැති දෙදෙනාය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


Copyright © www.srilankamirror.com

‘මෙගා’ නිසා සුජානි, තිරිමාදුරට පුප්පයි

පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙලේ දිගහැරුණු හාස්‍ය උත්පාදක නාට්‍යට පණ පොවනු ලැබුවේ කුමාර තිරුමාදුර, මිහිර සිරිතිලක හා දුලීකා මාරපන විසිනි.

මේ කෙටි විකට නාට්‍යයේදී මෙගා ටෙලි නාට්‍ය හරහා නාට්‍ය කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව හාස්‍යට ලක්කර තිබේ.

එහිදී කුමාර තිරුමාදුර වර්තමානයේ සිටින්නේ කලාශිල්පීන් නොවන බවත්, අද කලාකරුවා දෛනික දීමනා ලබන කම්කරුවෙකු බවට පත්ව ඇතැයි (ටෙලි කම්කරුවා) යන්න හාස්‍ය සමඟ මතුකර තිබේ.

අදාළ දෙබස් සම්බන්ධයෙන් කිපුණු මෙගා ටෙලි නිළියක් වන සුජානි මේනකා එම විකට ජවනිකාව අවසන්වූ වහාම කුමාර තිරුමාදුර මුණගැසී දොස් නගා ඇතැයි පැවසේ.

ඇය කියා ඇත්තේ ගෙදර ප‍්‍රශ්න පිටට නොපෙන්වන ලෙසත්, මෙවැනි කියුම් කෙරුම් නිසා තමන් වැනි ශිල්පීන් හෑල්ලූවට ලක්වන බවත්ය.

තිරිමාදුර වත්මන් කලා ශිල්පීන් ටෙලි කම්කරුවන් ලෙස අර්ථ දැක්වීමට උත්සාහකර ඇත්තේ, මෑතක සිට ආරම්භ කර ඇති මෙගා ටෙලි නාට්‍ය හරහා කලාකරුවන් කම්කරුවන් බවට පත්ව තිබීමේ ඛේදවාචකය ඉස්මතු කිරීමට බව පැවසේ.

පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය සඳහා කලාශිල්පීන් එක්කර ගැනීමේදී අදාළ ටෙලිනාට්‍යයේ කොටස් ගණන අනුව එකවර ගෙවීමක් සිදු කළ ද, වර්තමානයේ තිබෙන මෙගා ටෙලි නාට්‍යවලට කලාකරුවන්ට ගෙවීම්කරනු ලබන්නේ දෛනික ක‍්‍රමයට බව වාර්තා වේ.

මෙගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම සිදුකරනු ලබන ස්ථානයේ එම රූගත කිරීමට සහභාගිවන කළා කරුවන්ගේ නාම ලේඛණයක් තබන බවත්, දිනය අවසානයේ අදාළ නාම ලේඛණයේ අත්සන් තබා ඇති කලාශිල්පීන්ට ගෙවීම් සිදුකරනු ලබන බවත් පැවසේ.

මෙම දෛනික ගෙවීම රුපියල් 4,000 සිට රුපියල් 500 දක්වා එකිනෙකාගේ තරා තිරම අනුව සිදුකරනු ලබන බවත් වාර්තා වේ.

Copyright © www.srilankamirror.com













Thursday, May 19, 2011

ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද?

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට අලූත්ම ඇලියෝන් මෝටර් රියක් මීගමුවේ මෝටර් රථ අලෙවිසැලක හිමිකරුවෙක් විසින් තිළිණයක් ලෙස ලබාදී ඇතැයි වාර්තා වේ.

මෙම තිළිණය දුන් ව්‍යාපාරිකයා ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් බවත්, ඔහු තරමක් තලතුනා අයෙක් බවත් පැවසේ.

මේ අධ්‍යක්‍ෂවරයා නිළියන් සමඟ හාදවීමට මනාප අයෙකු බවත්, මොහු අනූව දශකයේ ජනපි‍්‍රය සිනමා නිළියන් දෙදෙනෙකු සමඟම හාදවී සිටි බවද මේ අතර, වාර්තා වේ.

කෙසේවුවද ශලනිගේ හිත මේවන විට දිනාගෙන සිටින්නේ නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහ බවත් පැවසේ.

පසුගියදා ශලනි, හේමාල් කැටුව චැලෙන්ජර්ස් චිත‍්‍රපටය නැරඹූ බවද වාර්තා වේ.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

වසර 2007 දී සිරස කුමරිය ලෙස අභිෂේකවූ ශලනි, සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

Copyright © www.srilankamirror.com

Sunday, May 15, 2011

අයෂානිගේ අලූත් පෙම්වතා මන්ත‍්‍රී කෙනෙක්



මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන අයෂානි දුලංගි ගමගේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ තරුණ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.

අදාළ මන්තී‍්‍රවරයා අයෂානිගේ දුර ඥාතියෙකු බවද පැවසේ.

මෙම මන්තී‍්‍රවරයා හිටපු ජේ්‍යෂ්ඨ ඇමතිවරයෙකුගේ පුතෙකු වන අතර, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකි.

කලාකරුවෙකු මෙන්ම ව්‍යාපාරියකු ද වූ අයෙකු මීට පෙර අයෂානි විවාහකර ගැනීමට සුදානම්ව සිටිය අතර, අදාළ මන්තී‍්‍රවරයා හා අයෂානි අතර පැවැති රහස් සම්බන්ධයක් අතටම අසුවීමෙන් පසු එම සම්බන්ධය බිඳී ගිය බවද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අයෂානි මුලින්ම ක්ෂේත‍්‍රයට පය තැබුවේ කසුන් කල්හාරගේ ගීතයක පසුබිම් දර්ශනයකට පෙනී සිටීමෙනි.

ඉන්පසුව ඇය වෙළඳ නිරූපිකාවක් ලෙස කටයුතු කළ බවත් ඇය මෙම ක්ෂේත‍්‍රයේ වසර 07ක් තිස්සේ රැඳී සිටින බවත් පවසන්නීය.

පසුව ඇය ‘දෙරණ වීට් මිස් ශ‍්‍රී ලංකා 2009’ තෙවැනි ස්ථානයට පත්්වීමට සමත් වූවාය.

කලක් ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් ලෙසත් කොමර්ෂල් බැංකුවේද සේවය කළ ඇය වර්තමානයේ ශ‍්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනු ලබන්නීය.

Copyright- srilankamirror.com

























මුහුණක් රහිත මිනිසාට නව මුහුණක් බද්ධ කෙරේ


හදිසි අනතුරකින් සිය මුහුණම අහිමි වූ ටෙක්සාස් ප‍්‍රාන්තයේ මිනිසෙකුට පූර්ණ මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් මගින් නව මුහුණක් ලබා දීමට ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ 30 පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය 15 පුරා මෙම ශල්‍යකර්මය සිදුකෙරුනු අතර, එහිදී නාසය, දෙතොල්, මුහුණේ හම, ස්නායු හා මාංශපේශි බද්ධ කිරීම සිදු විය.

මෙය, මෙවැනි ශල්‍යකර්මයක් ඇමෙරිකාවේ සිදුකළ ප‍්‍රථම වතාවයි.

2008 දී අධික ධාරිතා විදුලි රැහැනක වැදීමෙන් 25 හැවිරිදි ඩලස් වීන්ස් හට සිය මුහුණේ සියළු අංග අහිමි වූ අතර, ඔහු සම්පූර්ණයෙන් ම අන්ධභාවයට පත්විය. නාසය අහිමි වීම හේතුවෙන් ඔහුට හුස්ම ගැනීමේ අපහසුතතාවයන් ද තිබුණි.

වීන්ස් ගේ සැත්කමෙන් පසුව රිය අනතුරක් හේතුවෙන් මුහුණ දැඩි ලෙස විකෘතිභාවයට පත්වූ තවත් පුද්ගලයකුට සාර්ථක ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය බෝඩන් පෝමහැක් ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් සමත් විය.

ගණිකා වත

ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නො‍‍වේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරය‍ට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාර‍යෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්ත‍මේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.

ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්‍රය නැමැති ග්‍රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.



[සංස්කරණය] ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

වාත්ස්‍යායනගේ ප්‍රකාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.
ගණිකා වෘත්තියද වෙළඳ ව්‍යාපාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්‍රමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්‍ර වීම අවශ්‍ය වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍ය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.
මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය නිසා තමන්ට අවශ්‍ය විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.
හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්‍රීතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍යයෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්‍රසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්‍රයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.
ප්‍රීතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්‍රබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්‍යායන සඳහන් කරයි.

[සංස්කරණය] ගණිකාව සතු චාරිත්‍ර

ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි විශේෂයක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඒ අනුව ඇයගේ හැසිරීම් රටාවෙහි ප්‍රධාන ලක්ෂණය වියයුත්තේ පුද්ගලයකු තමාට ඇලුණු පසු තමා ඔහු කෙරෙහි නොඇලී ඔහු කෙරෙහි ඇලුණු තැනැත්තියක මෙන් කටයුතු කිරීමය. එබදු ගණිකාවන් පිළිබඳ පුවත් ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්‍රයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍රයා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.
වාත්ස්‍යායන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි “මව” යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්‍රියකි. මේ කියන මව ක්‍රෑර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්න‍ට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.
ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්‍රකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්‍රහ කළ යුතුය.
ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍ය බත්, බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.
ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්‍රායට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්‍යායන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්‍රිය අය තමාද ප්‍රිය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්‍රියාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්‍ය වේ.
මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි මහත් රාශියක් ගැන වාත්ස්‍යායන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත්කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.