Tuesday, May 10, 2011

මව්වරුන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 43



සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 79 ක් අතරින් මව්වරුන්ට සමාජය තුළ හිමිව ඇති තත්ත්වය අනුව කරන ලද නාමකරණයකදී ශ්‍රී ලංකාවේ මව්වරුන්ට 43 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් රාජ්‍ය ‍නොවන සංවිධානයක් විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරින් මෙම වාර්තාව එළිදක්වා තිබේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය බොහෝ පහල මට්ටමක ඇති අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 75 වන ස්ථානයයි.

චීනයට 18 වන ස්ථානයත්,පකිස්ථානයට 77 වන ස්ථානයත්,අවවර්ධිත රටවල් 40 ක් අතරින් බංග්ලාදේශයට 18 වන ස්ථානයත් හිමිව ඇති බව එකී වාර්තා වේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් මව්වරුන්ට හොඳම සමාජ තත්ත්වයක් හිමිව ඇත්තේ කියුබාවේ වන අතර සංවර්ධිත රටවල් අතරින් පිළිවෙළින් ‍නෝර්වේ,ඕස්ට්‍රේලියාවට හා අයිස්ලන්තය ප්‍රමුඛත්වය දිනා තිබේ.

“සේව් ද චිල්ඩ්රන්”සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරින් රටවල් 164 ක් සංවර්ධිත,සංවර්ධනය වෙමින් පවත්නා හා අවවර්ධිත ලෙස වර්ගීකරණය කරමින් මෙම වාර්තාව එළිදක්වා තිබේ.


No comments:

Post a Comment