Sunday, May 15, 2011

නෝර්වේ තානාපති කාර්යාලයෙන් එල්ටීටීඊ සාමාජිකයින්ට උදව්


රහසිගතව ශී‍්‍ර ලංකාවෙන් පිටව යෑමට එල්ටීටීඊ සාමාජිකයින් උපකාර කොට ඔවුන්ට නෝර්වේ රාජ්‍යයේ සරණාගතභාවය ලබාදීමට කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලයේ සමහර සේවකයින් කටයුතු කළ බව නෝර්වේහි පළවන ‘ආෆ්ටර්පෝස්ටන්’ පුවත්පත වාර්තා කරයි.

එවැනි පුද්ගලයින් 12 දෙනෙකු පමණ වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශපත් මිලදී ගෙන, ඔවුන්ගෙන් සමහරෙකු ගුවන් තොටුපලට ගෙනගොස් හැරලවා, ඉතා කෙටි කාලයකදී වීසා ලබාදී ඇතැයි එම පුවත්පත කියා සිටී.

මෙම කි‍්‍රයාවන් දෙරට අතර සබඳකම්වලට අහිතකර ලෙසින් බලපානු ඇතැයි නෝර්වේහි විරුද්ධ පක්‍ෂ බිය පළකොට ඇත.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්වේ ආයතනයේ පර්යේෂණ ප‍්‍රධානී අයිවර් නිව්මාන් පවසා ඇත්තේ, රටක ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රතිපත්තීන් උල්ලංඝනයන් එමඟින් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, එල්ටීටීඊ සාමාජිකයින්ට රහසිගතව උපකාර කිරීම තර්ජනයට ලක්ව සිටින පුද්ගලයින්ට සහාය වීමක් බව ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමති එරික් සෝල්හයිම් කියා ඇත.

සාම කි‍්‍රයාවලියට පහසුකම් සැපයීමේ යෙදී සිටි නෝර්වේ රාජ්‍යයට මානුෂීය වශයෙන් ද වගකීම් තිබූ බවත්, ශී‍්‍ර ලංකාව යනු පුද්ගලයින් නොයෙකුත් ආකාරයේ තර්ජනයන්ට ලක්වන රටක් බවත් ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment