
අනාරාධිතව විවාහ මංගල්‍ය උත්සවවලට ගොස් කාබී සතුටුවී යන කල්ලියක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර ඇතැයි වැලිකඩ පොලිසියෙන් වාර්තා වේ.
සිවුදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් රජයේ ආරක්ෂක අංශයක සේවය කරන පිරිසක් බවද හෙළිවී තිබේ.
වැලිකඩ ප‍්‍රදේශයේ හෝටලයක පැවැති විවාහයේ දෙවැනි ගමනේ උත්සවයකදී පවුල්වල ඥතීන් හා විවාහක යුවල එකිනෙකා හඳුන්වා ගනිද්දී මෙම කල්ලියේ අමුතු හැසිරීම් දැක ඔවුන් පොලිසියට අල්ලාදී ඇත.
මෙම කල්ලිය විවිධ ප‍්‍රදේශවල පැවැති මංගල උත්සව සඳහා සහභාගිවී මෙලෙස කාබී විනෝදවී ගොස් ඇතැයි ද පැවසේ.
No comments:
Post a Comment