Thursday, May 5, 2011

විචින්තට, අයෂානි නැතිවෙයිද?


මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන අයශානි දුලංගි ගමගේ කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග වැනි පුද්ගලයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබුණහොත් සලකා බලන බව කියයි.

ඇය මේ බව පවසා තිබුනේ ලංකාවේ වැඩියෙන් ම අලෙවි වනවා යැයි කියන තරුණයන් ම සඳහා වූ මාසික සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමිනි.

එසේම ඇය වඩාත්ම කැමති ක‍්‍රීඩකයන් වන්නේ කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග බවත් පවසා තිබූ අතර ඇය ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹා ඇත්තේ ඉතාලියේ මිලාන් නුවර සිට බවද පවසා ඇත.

කෙසේ වුවද අයශානි කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග වැනි පුද්ගලයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබෙන තුරු සැරසී සිටියද ක්ෂේත‍්‍ර ආරංචිමාර්ග පවසන්නේ ඇයට පෙම්වතෙක් සිටින බවයි.

ඔහු අඩක් කලාවට බරවූ ව්‍යාපාරිකයෙකු බව ද පැවසේ.

ක්‍ෂේත‍්‍ර ආරංචිමාර්ග අනුව ඔහු නමින් විචින්ත ඉලංකෝන් බව වාර්තා වේ.

විචින්ත, පැලවත්තේ පිහිටි ඩිජිටල් ආකේඞ් ආයතනයේ හිමිකරු බව පැවසේ.

ඔහු ඉරාජ් හා සමිතාගේ ’’සාර සදිසි පෙති’’ ගීතයේ රූපරචනයේ ජවනිකාවක පෙනී සිටියි.

අයශානි මුලින්ම ක්‍ෂේත‍්‍රයට පය තැබුවේ කසුන් කල්හාරගේ ගීතයක පසුබිම් දර්ශනයකට පෙනී සිටීමෙනි.

ඉන්පසුව ඇය වෙළඳ නිරූපිකාවක් ලෙස කටයුතු කල බවත් ඇය මෙම ක්ෂේත‍්‍රයේ වසර 07ක් තිස්සේ රැඳී සිටින බවත් පවසන්නීය.

පසුව ඇය ’දෙරණ වීට් මිස් ශ‍්‍රී ලංකා 2009’ තෙවන ස්ථානයට පත්්වීමට සමත් වූවාය.

කලක් ස්වර්ණවාහිණියේ නිවේදිකාවක් ලෙසත් කොමර්ෂල් බැංකුවේද සේවය කළ ඇය වර්තමානයේ ශ‍්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනු ලබන්නීය.

No comments:

Post a Comment