Sunday, May 15, 2011

මැයි 17 වන දා සියලු විහාරවල එකවර ඝණ්ඨා නාදකරන්නැයි ඉල්ලයි


2,600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් වෙසක් උදාව සිදුවන මැයි මස 17 වන දින උදෑසන 5.45 සිට උදෑසන 5.50 දක්වා කාලය තුළ දිවයිනේ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කිරීමට පියවර ගන්නැයි සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටියි.

එමෙන්ම සෑම නිවසකම බෞද්ධ කොඩියක් ඔසවා තබන ලෙස එම කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෙසක් දිනය තුළ ප්‍රතිපත්ති පූජාවන්ට බාධාවන පරිදි අධික ශබ්ද යොදා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමෙන් ද වළකින ලෙස 2,600 වැනි ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව දැනුම් දෙයි.

මේ අතර මෙවර වෙසක් පොහෝ දිනයේ සිට ලබන වසරේ වෙසෙක් පොහොය දක්වා වු වසරක කාලය 2,600 වැනි සම්බුද්ධව ජයන්ති වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම වසර තුළ සෑම පුරවැසියෙකුම ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීමට අදිටන් කර ගත යුතු බව එම කමිටුව දැනුම් දෙයි.

No comments:

Post a Comment