Friday, May 6, 2011

බින් ලාඩ්න් පකිස්ථානයේදී ඝාතනයට ලක්වීම ආරක්ෂක අංශවල දුර්වලතාවක් නොවේ


ඔසාමා බින් ලාඩ්න් පකිස්ථානයේ රැදී සිටියදී අමෙරිකානු හමුදා අතින් ඝාතනයට ලක්වීම පාකිස්ථාන ආරක්ෂක අංශවල දුර්වලතාවක් නොවන බව එරට ජනාධිපති අසීෆ් අලි සර්දාරි අවධාරණය කරයි.

පකිස්ථානය ත්‍රස්තවාදයට එරෙහි රටක් බව ඔහු පෙන්වාදෙයි.

ත්‍රස්තවාදයේ ප්‍රබලම ගොදුර වන්නට ඇත්තේ පාකිස්ථානය බව”වොෂින්ටන් පෝස්ට්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පකිස්ථානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඔසාමා බින් ලාඩ්න් පකිස්ථානයේ රැදී සිටියදී ඝාතනයට ලක්වීම මගින් ලාඩ්න්ට පකිස්ථානයේ කිසියම් සහයක් ලැබෙන්නට ඇති බවට ඇතැම් අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

අදාළ මෙහෙයුම් සඳහා පකිස්ථානු ආරක්ෂක අංශ සහභාගී කරගැනීමට ද අමෙරිකාව කටයුතු කර තිබුණේ නැත.

කෙසේවෙතත් තම රට ත්‍රස්තවාදයට එරෙහිව සැමදා සටන් කළ බව අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පකිස්ථානු ජනාධිපතිවරයා පවසයි.

No comments:

Post a Comment