Thursday, May 5, 2011

චයිත‍්‍රාට, චන්න ඇණයක් වෙලා


චන්න පෙරේරාගේ අලූත්ම සිනමා නිර්මාණය වූ කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටයේ දෙවැනි අදියරේ රූගත කිරීම් පසුගියදා දඹුල්ලේදී ආරම්භ විය.

මෙම චිත‍්‍රපටයෙන් රිදී තිරයට අළුතින් හඳුන්වාදෙන ඉන්දීය නිළි චයිත‍්‍රා චන්ද්‍රනාත් කෙරෙහි චන්න පෙරේරාගේ වැඩි සැලැකිල්ල හා උනන්දුව ඇයට කරදරයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

අදාළ චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදුකරණ අවස්ථාවලදී මෙම නිලියගේ පැළඳුම් පැළඳුම් වල සිට සියළුම කටයුතු සඳහා චන්න විසින් අතපෙවීම හේතුවෙන් චිත‍්‍රපටයේ සෙසු ශිල්පීන්ගේ රාජකාරිවලට බාධා ඇතිවී ඇතැයි පැවසේ.

එසේම චන්න මේ දිනවල භාවිතා කරන ඇදුම් කලූ හා රතු වර්ණයට හුරු බවද වාර්තා වේ.

ඔහු කලූ හා රතු වර්ණ භාවිතා කිරීමට හේතුවී ඇත්තේ චයිත‍්‍රා වැඩියෙන්ම මනාප කලූ හා රතු වර්ණවලට බැවින් බවද පැවසේ.

පසුගිය කාලයේ සිය මව සමඟ රූගත කිරීම්වලට සහභාගිවූ චයිත‍්‍රා දැන් තනියෙන්ම රූගත කිරීම් සඳහා පැමිණෙන බවද පැවසේ.

කෙසේවුවද චිත‍්‍රපට කණ්ඩායමේ සාමාජිකයන් පවසන්නේ මවටත් වඩා වැඩි ආරක්‍ෂාවක් චන්නගෙන් ඇයට ලැබෙන බවයි.

කල්පාන්තය සිහිනයක් චිත‍්‍රපටය මීට පෙර නම්කර තිබුනේ මිරිගු යාත‍්‍රා ලෙසිනි.

මෙම නමෙහි ඝණ පිහිටීමේ දෝෂයක් හේතුවෙන් කල්පාන්තයේ සිහිනයක් ලෙස නම වෙනස් කළ බව පැවසේ.

චයිත‍්‍රාගේ පළමු චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර ඇයට කණ්ණඩ චිත‍්‍රපට තුනක රඟ පෑමට ආරාධනා ලැබී තිබේ.

ඇය, නිළියක් ලෙස මෙම චිත‍්‍රපටයට එක්වූයේ බැංගලෝරයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදීය.

චයිත‍්‍රා බැංගලෝරයේ කණ්ණඩ ජාතික පවුලක තරුණියකි.

තවමත් අවුරුදු 19 ක් වන චයිත‍්‍රාට තවත් සහෝදරියක සිටී.

බැංගලෝරයේ විජය නගර්හි උපත ලද චයිත‍්‍රා සිය ළමා කාලය ගතකර ඇත්තේ ද බැංගලෝරයේය.

ඉන්දිය නිලි පුජා උමාශංකර් රිදී තිරයට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේද චන්න පෙරේරාටය.

No comments:

Post a Comment