
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එල්ල කොට ඇති සාවද්‍ය චෝදනාවලට පිළිතුරු දීමට තමන්ට අවස්ථාව ලබා නොදීම මඟින් රජය ආරක්‍ෂක හමුදාවන් පාවා දී ඇතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
තමන්ට හා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව එම චෝදනා ඉදිරිපත් කොට ඇති බව, තම උගුරේ ආබාධයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා අද (මැයි 13) කොළඹ නවාලෝක රෝහලට පැමිණි ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන්ට පැවසීය.
සුදුකොඩි නඩුව විභාගයට ගන්නා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ බන්ධනාගාර බලධාරීන්ට නියම කළේ ඔහුට කළින් ප‍්‍රතිකාර කළ වෛද්‍ය වජිර තෙන්නකෝන් ලවා නැවත වරක් ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටයි.
No comments:
Post a Comment