Tuesday, May 10, 2011

තව සති දෙකකින් මම තීරණයක් ගන්නවා- දයාසිරි

සාධාරණත්වය වෙනුවෙන් පක්ෂය වෙනස් විය යුතු යැයි පැවසු මිනිස්සු එළියට විසි කර ඇතැයි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (08) පඬුවස් නුවර, පණ්ඩුකපුර පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
අර්බූදයක් ඇති වුනහම ඒ අර්බූදයෙන් පස්සේ අප‍ට විරුද්ධ මිනිස්සුත් අපිට දාන්න වෙනවා. දේශපාලනය එහෙමයි. දැන් මොකද වෙලා තියෙන්නෙ දැන් අර මේ සටනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය නැත්නම් සාධාරණත්වය වෙනුවෙන් මේ පක්ෂය වෙනස් වෙන්න ඕන කියපු මිනිස්සු ටිකල ඉමිටියාස් බාකිර් මාකර්ලා ඊළගට එතනින් ගියහම බුද්ධික පතිරණලා, රංජිත් මද්දුම බණ්ඩාරලා, තලතා අතුකෝරලා, ‍රෝසි සේනානායකලා මේ අය ඔක්කෝම දැන් එළියට විසි කරලා. දැන් මාව දාලා තියෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයටල බැරි වෙලාවත් මේ අයින් කරපු අය ඇතුළට දාගන්න බැරි වුනොත් මම සති දෙකක් ඉවසනවා. බැරිවුණොත් මම මගේ තනතුරෙන් ඉල්ලා අස්වෙනවා මතක තියා ගන්න, යැයි පැවසීය.

එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවන නායයෑම් සහ දියවීම් තවදුරටත් දරාගන්නට නොහැකි බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසයි.

මේ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් අවදිකිරීමටත්, ධෛර්යයමත් කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත්, එහි පළමු පියවර වශයෙන් මැයි මස 11 වන දින සවස 3.00ට ”පක්‍ෂයේ උරුමය යළිත් පාක්‍ෂිකයින්ට – පෙළ ගැසෙමු නගන්නට හඬ” යන මැයෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පවත්වන බවත් හෙතෙම අද දෙරණට කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මෙරට එක් අයෙකු දෙදෙනෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ පක්ෂයක් නොව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ආදී ලක්ෂ 40 ක පමණ ජනතාවකගේ පක්ෂයක් බැවින් එකී අයිතිය ජනතාවට යළි ලබාදිය යුතු බව මාකර් මහතා පෙන්වා දුන්නේය.

ඩී.එස්, ඩඩ්ලි,ජේ.ආර්,ප්‍රේමදාස වැනි පක්ෂයේ උදාර නායකයින් පක්ෂයට කළ මෙහෙවර යළි පාක්ෂිකයන්ට දිනාදිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

බදාදා දිනයේ පවත්වන සම්මන්ත්‍රණයේදී එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එජාප හිටපු උප සභාපති ඉමිතියාස් බාකීර් මාකර්, පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක, සමවාදී ශිෂ්‍ය පෙරමුණේ ආරම්භක සභාපති පාලිත පැල්පොල යන අය සම්මන්ත්‍රණය ඇමතීමටද නියමිත බව ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment