Sunday, May 22, 2011

‘මෙගා’ නිසා සුජානි, තිරිමාදුරට පුප්පයි

පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙලේ දිගහැරුණු හාස්‍ය උත්පාදක නාට්‍යට පණ පොවනු ලැබුවේ කුමාර තිරුමාදුර, මිහිර සිරිතිලක හා දුලීකා මාරපන විසිනි.

මේ කෙටි විකට නාට්‍යයේදී මෙගා ටෙලි නාට්‍ය හරහා නාට්‍ය කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව හාස්‍යට ලක්කර තිබේ.

එහිදී කුමාර තිරුමාදුර වර්තමානයේ සිටින්නේ කලාශිල්පීන් නොවන බවත්, අද කලාකරුවා දෛනික දීමනා ලබන කම්කරුවෙකු බවට පත්ව ඇතැයි (ටෙලි කම්කරුවා) යන්න හාස්‍ය සමඟ මතුකර තිබේ.

අදාළ දෙබස් සම්බන්ධයෙන් කිපුණු මෙගා ටෙලි නිළියක් වන සුජානි මේනකා එම විකට ජවනිකාව අවසන්වූ වහාම කුමාර තිරුමාදුර මුණගැසී දොස් නගා ඇතැයි පැවසේ.

ඇය කියා ඇත්තේ ගෙදර ප‍්‍රශ්න පිටට නොපෙන්වන ලෙසත්, මෙවැනි කියුම් කෙරුම් නිසා තමන් වැනි ශිල්පීන් හෑල්ලූවට ලක්වන බවත්ය.

තිරිමාදුර වත්මන් කලා ශිල්පීන් ටෙලි කම්කරුවන් ලෙස අර්ථ දැක්වීමට උත්සාහකර ඇත්තේ, මෑතක සිට ආරම්භ කර ඇති මෙගා ටෙලි නාට්‍ය හරහා කලාකරුවන් කම්කරුවන් බවට පත්ව තිබීමේ ඛේදවාචකය ඉස්මතු කිරීමට බව පැවසේ.

පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය සඳහා කලාශිල්පීන් එක්කර ගැනීමේදී අදාළ ටෙලිනාට්‍යයේ කොටස් ගණන අනුව එකවර ගෙවීමක් සිදු කළ ද, වර්තමානයේ තිබෙන මෙගා ටෙලි නාට්‍යවලට කලාකරුවන්ට ගෙවීම්කරනු ලබන්නේ දෛනික ක‍්‍රමයට බව වාර්තා වේ.

මෙගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම සිදුකරනු ලබන ස්ථානයේ එම රූගත කිරීමට සහභාගිවන කළා කරුවන්ගේ නාම ලේඛණයක් තබන බවත්, දිනය අවසානයේ අදාළ නාම ලේඛණයේ අත්සන් තබා ඇති කලාශිල්පීන්ට ගෙවීම් සිදුකරනු ලබන බවත් පැවසේ.

මෙම දෛනික ගෙවීම රුපියල් 4,000 සිට රුපියල් 500 දක්වා එකිනෙකාගේ තරා තිරම අනුව සිදුකරනු ලබන බවත් වාර්තා වේ.

Copyright © www.srilankamirror.com













No comments:

Post a Comment