Thursday, May 5, 2011

කී‍්‍රඩකයින් ප‍්‍රමාදවී පැමිණීම පුහුණුකරුට ගැටළුවක් නොවේ


ඉන්දීය ප‍්‍රමුඛ පෙළ තරඟාවලියට එක්ව සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් එංගලන්ත සංචාරය සඳහා ප‍්‍රමාද වී පැමිණීම එතරම් ගැටළුවක් නොවන බව කණ්ඩායමේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ පවසයි.

අයිපීඑල් තරඟාවලියේදී ද ඔවුන් තරඟකාරී කී‍්‍රඩාවක යෙදෙන නිසා ඔවුන්ගේ පුහුණු කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවන බවට ඔහු විශ්වාසය පළකොට සිටී.

කෙසේ වෙතත්, පුහුණු තරඟ දෙකක්, ටෙස්ට් තරඟ තුනක්, එක්දින තරඟ පහක් හා එක් පන්දුවාර විස්සයි-20 තරඟයක් ඇතුලත් එම තරඟාවලිය දුෂ්කර එකක් වනු ඇතැයි ලෝ කියයි.

ප‍්‍රධානම කටයුත්ත වන්නේ එංගලන්තයේ පවතින තත්ත්වයන්ට හැකි ඉක්මනින් හැඩ ගැසීම බව ලංකා පුහුණුකරු අවධාරණය කර සිටී.

ටෙස්ට් කණ්ඩායමට ඇතුලත්ව සිටින කී‍්‍රඩකයින් සත්දෙනෙක් මේ වන විට අයිපීඑල් තරඟාවලියට කී‍්‍රඩා කරති.

ශ‍්‍රී ලංකා හා ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ගේ එකඟත්වය මත ඔවුන් එංගලන්ත සංචාරයට එක් වන්නේ මැයි 19 වැනිදා ආරම්භ වන දෙවැනි පුහුණු තරඟය අතරවාරයේදීයි.

කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑම මැයි 10 වැනිදා සිදුවන අතර, මුුල්ම පුහුණු තරඟය මැයි 14 වැනිදා ඇරඹේ.

No comments:

Post a Comment